පුරාවිද්‍යාවේ මූලාශ්‍රය

පුරාවිද්‍යාව කියන්නේ මිනිසුන්ගේ අතීතය ගැන හොයාබලන්න හදාගත්ත විෂ- යක්. මේ විෂය ඉපදෙන්නෙත් යුරෝපයේම තමා. සමහර අය පුරාවිද්‍යාව ගැන හිතාන ඉන්නේ ගුප්ත දේවල් ගැන හොයන විෂයක් කියල. ගල් බෙන තුළින් රිං ගලා බඩගාගෙන යන අය ඉන්න විෂයක් කියලයි. නිධන් හොයන විෂයක් කියල. ' ඉන්දියානා ජෝන්ස්' චිත්‍රපටවල තියෙන්නේ එහෙම නේ. නාට්‍යක, චිත්‍රපටයක වුනත් පුරාවිද්‍යාඥයෙක් යොදාගන්නේ ගුප්ත, සැඟවුණු දෙයක් ගැන කියන්න කියලයි අපි දැකල තියෙන්නේ. හැබැයි පුරාවිද්‍යාව කියන විෂය එහෙම එකක් නෙමෙයි. වෙනත් විෂයන් වගේම විවෘත විෂයක්. පුරා විද්‍යාවේ තියෙන දේවලුත් ප්‍රමාණ කරන්න පුළුවන්. මේ කතාව පුරාවිද්‍යාවේ දැනුම නිර්මාණය කිරිම සඳහා යොදාගන්න මූලාශ්‍රය ගැනයි. විශ්වවිද්‍යාලයේ පළමු වැනි වසර සිසුන්ට උගන්වන දෙයක්. පස්සෙත් උගන්නන්න පුළුවන් සංකීර්ණ විදිහට. මේ ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. මේ ලියල තියෙන්නේ මම හොඳයි කියල හිතන විදිහට. කවුරු මොන විදිහට කිවුවත් මේ කරුණු ටික නම් ඒ හැම තැනටම වලං ගුයි. පුරාවිද්‍යාව කියන්නේ මිනිස් අතීතය ගැන හොයල බලන විෂයක් නිසා එහි දී භාවිත කරන මූලාශ්‍රය පිළිබඳ පිරිසිදු නිරවුල් වැටහීමක් ලබාගන...